■ පහතින් දක්වන්නේ පත්කර ඇති නව විගණකාධිපතිවරිය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු පිළිබඳ නීතිමය වශයෙන් සංක්ශිප්ත,ව්‍යවස්ථාත්මක හා ප්‍රශස්ථ නීතිමය පරිපාලන නීති (Administrative Law) විශ්ලේෂණයකි.
මෙය (පුද්ගලයෙකුට අපහාස,පුද්ගල චෝදනා හෝ විකෘති කල චෝදනා වලින් තොරව සකස් කර ඇත )
මේ සම්බන්ධයෙන් නීතිමය විශ්ලේෂණය..
● ව්‍යවස්ථාදාය රාමුව. (Constitutional Framework)ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) වගන්තිය අනුව,
“විගණකාධිපතිවරයා ජනාධිපති විසින්, ව්‍යවස්ථාදායක සභාවේ,(Constitutional Council) අනුමැතිය මත පමණක් පත් කළ යුතුය.”
● මෙහි හේතුව සහ මෙහි නීතිමය අරමුණ වන්නේ
විධායක බලයෙන් සම්පූර්ණයෙන් ස්වාධීනවූද පාර්ලිමේන්තුවට ඍජුව වගකිව යුතුවූද,විගණන ආයතනයක් ස්ථාපිත කලබව තහවුරු කිරීමයි.
එබැවින් මෙම පත්කිරීම නීතිමය ලෙස වලංගු වීම පමණක් නොව,රටේ
ව්‍යවස්ථාමය අරමුණට අනුකූල වීමත් අත්‍යවශ්‍ය වේ.
●පත්කිරීම් බලය සහ “Reasonableness” පරීක්ෂණය.
නීතිය අනුව ජනාධිපතිට පත්කිරීම් බලය තිබුණද,පරිපාලනමය නීතිය (Administrative Law) තුළ,අත්තනෝමතික (arbitrary) ලෙස,හෝ අදාළ කරුණු නොසලකා,හෝ අදාළ නොවන කරුණු සලකා පත්කිරීම් කිරීම නීති විරෝධී විය හැක නොව විය යුතුය .
●Wednesbury Unreasonableness නීතිමය සම්මතයන් අනුව,
රාජ්‍යයේ විගණනයක් හෝ කිසියම් වැදගත් කරුණක් සම්බන්ධයෙන්
නිවැරදි සාධාරණ පුද්ගලයෙකු කිසිවිටෙකත් නොගන්නා වූ තීරණයක් රජය ගත් විට එය අධිකරණ විමර්ශනයට ලක් වීමට හැකියාව ඇත.
එබැවින්,උපරිම සුදුසුකම්,උපරිම වෘත්තීය පළපුරුද්ද,ස්වාධීනත්වය යන කරුණු සලකා බැලූ බව පෙන්විය නොහැකි නම්,පත්කිරීම නීතිය ඉදිරියේ අභියෝගයකට ලක් විය හැකි අවදානමක් පවතී.
මෙහිදී ,
(Conflict of Interest) සබැඳියාවන් අතර ගැටුම සහ නීතිමය අවදානම.
නීතිය අනුව,“Actual Bias” පමණක් නොව,“Apparent Bias” (පෙනෙන පක්ෂපාතීභාවය) ද නීතිමය වශයෙන් වැළැක්විය යුතුය.
● Nemo judex in causa sua (නීතිමය වගන්ති යකි)(මෙම පත් වීම ලබන කිසිවෙකු තමන් සම්බන්ධ කරුණක විනිශ්චයකරු නොවිය යුතුය)
විගණකාධිපතිවරිය,
පෙර රාජ්‍ය මූල්‍ය පාලනයට සෘජුව සම්බන්ධ වූ භූමිකාවන්,හෝ විගණනයට ලක්විය හැකි ආයතන සමඟ සම්බන්ධතා තිබූ බව පෙනී යන්නේ නම්,එය Apparent Conflict of Interest එකක් ලෙස
නීතිමයව සලකා බැලිය හැක.
මෙවැනි තත්වයකදී,නීතිමය වැරැද්දක් සිදු නොවුවද,මහජන විශ්වාසය කඩා වැටීමම නීතිමය ගැටළුවක් බවට පත්වේ.
21 වන සංශෝධනයෙන් පසු, Constitutional Council එකට
“check and balance” භූමිකාවක් නැවත ලබා දී ඇත.
නමුත් මෙහි නීතිමය ප්‍රශ්නය වන්නේ,එම මණ්ඩලය විසින් ස්වාධීනව විමර්ශනය කළේද?
විකල්ප අපේක්ෂකයන් සලකා බැලුවේද?
හේතු සහිත අනුමැතියක් දුන්නේද?
හේතු රහිත හෝ සංකේතමය අනුමැතියක්,ව්‍යවස්ථාත්මක අරමුණ පරාජය කිරීමක් ලෙස අර්ථ දක්විය හැක.
විගණකාධිපති,
COPA / COPE සඳහා ප්‍රධාන නීතිමය සාක්ෂිකරුවේ.
එබැවින්,විගණන ආයතනයේ ස්වාධීනභාවය දුර්වල වුවහොත්,
පාර්ලිමේන්තු මූල්‍ය අධීක්ෂණය ව්‍යවස්ථාත්මක වශයෙන් දුර්වල වීමක් සිදු වේ.
මෙය,
Article 148 (Public Finance under Parliament) සහ Article 154 යන වගන්තිවල අරමුණට සපුරා විරුද්ධ තත්වයක් විය හැක.
මෙවැනි පත්කිරීමක් සම්බන්ධයෙන්, නීතිමයව සලකා බැලිය හැකි මාර්ග:
Fundamental Rights Application
Article 12(1) – නීතිය ඉදිරියේ සමානත්වය
Article 14(1)(a) – ජනතා විමසුමට ඇති අයිතිය (ව්‍යාප්ත අර්ථයෙන්)Judicial Review.අත්තනෝමතික පත්කිරීමක් ලෙස
පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග
විශේෂ විවාද
COPA/COPE විමර්ශන
මෙහි මූලික නීතිමය ගැටළුව වන්නේ,
“පත්කිරීම නීත්‍යනුකූල ද?”යන්නට වඩා
“පත්කිරීම් තුල ව්‍යවස්ථාත්මක අරමුණ සුරක්ෂිත වී තිබේද?” යන්නයි.
විගණකාධිපති තනතුර,
නීතිමය බලයක් ඇති පමණක් නොව,
මහජන විශ්වාසය මත පවත්නා ව්‍යවස්ථාත්මක ආයතනයක් වන බැවින්,
එම විශ්වාසය භංගත්වය පත් වන්නේ නම්,එය නීතිමය ගැටළුවක් බවට ද පත්වේ.මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට අවශය කරුණු ඕනෑ තරම් මෙතන තියෙනවා.
Lanka Newsweek © 2026